අද දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද දින ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. .ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ඔහු කෙලින්ම පිටත්ව ගියේ අභාවප්‍රාප්ත ජාතික ජනබලවේගයේ කෑගල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ඒ මහතාගේ නිවසටයි. එහිදී නාමල් රාජපක්ෂ අභාවප්‍රාප්ත මන්ත්‍රී වරයාගේ මවට සහ සොහොයුරන්ට සිය සාතිශය සංවේගය පුද කළා.
මාලිමාවෙන් ඉගැන්නුවේ මිනිසුන්ගේ ගෙවල් ගිනි තියලා පාරක් පාරක් ගානේ මිනිස්සු මරණ සංස්කෘතියක් වුණාට පොහොට්ටුවෙ සංස්කෘතිය තිබ්බේ වෛර කරන්නේ නැති මනුස්සකම විතරක් පරිස්සම් කරන ක්‍රමවේදයක් විතරයි. එදා කෝසල අරලියගහ මන්දිරයත්, රනිල්ගේ ගෙදරත් අපේ අතේ කියලා ෆේස්බුක් එකේ කමෙන්ට් කරද්දි ප්‍රචණ්ඩකාරීව හැසිරෙද්දී ඒ මුවාවෙන් ආණ්ඩුවේ මන්ත්‍රී ධූරයක් දරද්දිත් කිසිම ලෝභකමක් වෛරයක් නැතුව අටලෝ දහම ගැන විතරක් හිටපු නාමල් රාජපක්ෂ කෝසලට අවසන් ගෞරව දැක්වූවා. ඊයේ පෙරේදා දවසක මහින්ද මහත්තයාට අමාරුයි කියලා බොරු පුවතක් සමාජගත කරලා නිවන් සුව පතපු මාලිමාවෙ සාමාජිකයන්ට ස්වභාව ධර්මය විසින්ම මේ දීලා තියෙන්නේ පණිවිඩයක්.
මතක තියාගන්න, සනත් නිශාන්ත මැරුණම මාලිමාවේ සාමාජිකයෝ සතුටු වුණාට, මාලිමාවෙ සාමාජිකයෙක් මැරුණහම පොහොට්ටුවේ සාමාජිකයෝ සතුටු වුණේ නෑ.