Fail අනුර සහ පළිගැනීමේ චේතනා ජාතකය

දේශපාලනය යනු බලය සඳහා සිදු කරනු ලබන බල අරගලයක් බව ප්‍රංශ ජාතික නිකොලායි මැකියාවේලි  ප්‍රකාශ කර තිබුණේද එය සැබවින්ම යථාර්ථයක් වන්නේ ශ්‍රී ලංකාව තුළ බව ඇතැම් විට ඔහු දැන සිටින්නට නැතුව ඇති. අපි වසර ගණනාවක් තිස්සේ දේශපාලන යන්ත්‍රණයය තුළ විවිධ වූ හැල හැප්පීම් මත ජීවත් වන්නෙමු. නමුත් බොහෝවිට සිදුවන්නේ සැබැවින්ම ජනතාවාදී නායකයකු කෙරෙහි දක්වන ප්‍රතිවිරෝධය හේතුවෙන් එහි පවතින යථාර්ථය යටපත් වන බවයි.

සෑම දෙනාගේම කෙල්ලොට වල කුඩා වශයෙන් හෝ හුණු ඇති බව සත්‍යයක් වුවත් අප වඩාත් කල්පනාකාරී වුවහොත්   වර්තමාන ආණ්ඩුවේ හුණු කිල්ලොට ටොන් ගණන් බර බව අපට තේරුම් ගත හැකයි. වර්තමානය වන විට ජනතාව අපේක්‍ෂා කළ දේශපාලන පළිගැනීම ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව සමත් වී ඇත. ඇතැම් විට එය ආණ්ඩුවේ නොහැකියාව වසාගන්නට සිදු කරන්නක් වියය හැකිය. අප අතීතය දෙස විමසිල්ලේ බලන විට ආණ්ඩුව ගෙන ඒමට වර්තමාන පරම්පරාවේ බහුතරයක් දෙනා ආවේගශීලී ඡන්දයක් භාවිතා කළ බව සත්‍යයකි. ඒ වසර ගණනාවක් තිස්සේ ඔවුන් ලද දේශපාලන කලකිරීමයි. නමුත් වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමත්, මෙරට දැඩි වශයෙන් සමාජ සංවර්ධන ප්‍රගමනයක් සිදුකළ දේශපාලන නායකයින් ජනතාවට අප්‍රසන්න වීමටත් බලපෑවේ එක්තරා හේතුවක් බව අප සිහියට ගත යුතුයි. අප නොදැනුවත්වම වර්තමානය වන විට ජාත්‍යන්තරව පාලනය වී අවසානයි. ඇමරිකාවටත් ඉන්දියාවටත් චීනයටත් මැදි වී ජීවත් වනන අප කාගේ වහලුන් වන්නේ දැයි ඔවුන් විසින් තීරණය කර හමාරයි. 2004 සුනාමි ව්‍යසනයෙන් පසුව මෙරට සංවර්ධනය නැවත ආරම්භ කිරීමට මහින්ද රාජපක්ෂට සිදුවූයේ දෙවැනි වතාවටත් දැඩි හුස්මක් කරට ගෙනය. ඊටත් පසුව දැවැන්ත අභියෝගයක්ව පැවතුණු වසර තිහක ත්‍රස්තවාදය නිමා කිරීම රටක් වශයෙන් අප ලද ජයග්‍රහණයක් පමණක් නොව එවකට අනුරලා පෙරලූ ගල් පයිසේකට වත් ගණන් නොගෙන රට වෙනුවෙන් තම යුතුකම ඉටුකිරීමට මැදිහත් වූ මහින්ද රාජපක්ෂ නම් අසහාය නායකයාගේ නොසෙල්වෙන තීරණවල ප්‍රතිඵල විය.

2015 මෛත්‍රී පාලනයෙන් පසුව මෙරට අරාජික කිරීමට ජවිපය අර ඇද්දේ ඉතා සූක්‍ෂමාකාරයෙන් බව දැන් හෙළි වී තිබේ. පාස්කු ප්‍රහාරය රාජපක්ෂ ලා පිට තබා ඔවුන් උත්සාහ කළේ දේශපාලන පළිගැනීමකි. එවකට ආරක්ෂක ලේකම්ව සිටි කෝට්ටේගොඩ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව දැන සිටියාද?. ඒ වන විට සියල්ලෝම දැන සිටි රාජ්‍යයේ අගාධය ආරම්භ වූ එම සිද්ධිය එවකට ජනාධිපති මාධ්‍ය ලේකම්වරයෙක් වශයෙන් සේවය කළ භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් විසින් දැන සිටීමත්, ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේ ආරම්භයත් සමඟ රටින් පලායාමත් එක්තරා සංසිද්ධියක ආරම්භයක් ලෙස අපට සැලකිය හැකියි.

පාස්කු ප්‍රහාරයේ ප්‍රබල සාක්ෂිකරුවෙකු ව සිටින භාරත අවස්ථාව ලද සැණින් අනුර කුමාර දිසානායකගේ සම්මුඛ සාකච්ඡාවක් ලබා ගනී. එයින් පසුව ඔහුගේ දේශපාලන ක්‍රියා කලාපය සමාජ මාධ්‍ය තුළද අනුර කුමාරගේ ආණ්ඩුව ගෙන ඒමේ ව්‍යාපෘතියේ කොටසක් වන අතර ඔහු මෙහි ප්‍රධාන කොටස්කරුවෙක් බවට පත්වෙයි.

රාජපක්ෂලාගෙන් දේශපාලන පළිගැනීමට යටත්වීම දරුණු වශයෙන් සිදුකළ යුතු යැයි විශ්වාස කරන පාර්ශව කිහිපයක් අනුර සමඟ අත්වැල් බැඳගෙන ඇත.  එහි ප්‍රතිඵලයක් වශයෙන් වර්තමාන ජනාධිපතිවරයා වන අනුර කුමාර දිසානායකගේ මුවගෙන් පිටවන්නේ ඒ වෛරයයි. එහි පාර්ශ්වකරුවන් ලෙස භාරත සමඟ වර්තමාන ආණ්ඩුවේ නියෝජිත ඇමතිවරුන්ද ඇමතිවරියන්ද සිටී.

ජනතාව එදා පාරට බැස්සේ ගෑස් අර්බුදය සහ විදුලිය විසන්ධි වීම හේතුවෙනි. එය විදුලි බල මණ්ඩලයේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදුවූවක් බව කවුරුත් එළිමහනේ ප්‍රකාශ කරන්නේ නැත. වෘත්තිය සමිති අයිති වන්නේ ජවිපෙටය. සැබවින්ම අරගලේ නිර්මාණ ජවිපෙ ආණ්ඩු බලය ලබා ගැනීමේ ප්‍රථම ක්‍රියාත්මය නොවන බව දැන් ජනතාවට අවබෝධ වෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩු මාරු වන විට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයෙන් පළිගැනීම සහ සිරගත කිරීම සංදර්ශන ලෙස අපි දැන් අවබෝධ කර ඇත්තෙමු.  ඉස්සර නම් කිව්වේ සම්බෝලයි බතුයි හරි කාලා ජීවත් වෙන්න පුළුවන් කියාය. නමුත් දැන් සම්බෝල කෑමට පොල් ද නැත, බත් කෑමට හාල්දද නැත. දැවැන්ත ආහාර අර්බුදය වසා ගැනීමට මිනිසුන් ඇන්දවීමේ ප්‍රතිඵලය ලෙස ඔවුන් උත්සහ කරන්නේ පළිගැනීමේ චේතනාව ක්‍රියාත්මක කිරීමටය.

වර්තමානයේ නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ආණ්ඩුවේ අඩු ලුහුඬුකම් පෙන්වාදීම ඔවුන්ට දරා සිටිය නොහැකිය. එයින් ඔවුන් පළිගැනීමට උත්සාහ කරන්නේ රාජපක්ෂ පවුල තුළින්මය. ආණ්ඩුවට මේවා අතීතයේ සිටම හුරුය. කට වැස්ස වීමේ ක්‍රමවේදය අතීතයේ ඔවුන් භාවිතා කළේ වෙඩි තබා ඝාතනය කිරීමෙන් සහ කපා කොටා මරා දැමීමෙන් ය. එවන් විජේවීර පරම්පරාවකින් පැවතෙන වර්තමාන ජවිපෙ ආණ්ඩුව සහ අනුරලාගේ මේ ක්‍රියා කලාපය පිළිබඳව අප පුදුමයට පත්විය යුතු නැත. එදා ප්‍රේමකීර්ති ද අල්විස් නම් කලාකරුවා මරා දැමුවේ කට මුලට පිස්තෝලය දමා වෙඩි තැබීමෙන්ය. ඉතින් ඔවුන්ට කට වැස්සවීමට දැන් රාජ්‍ය බලය අවභාවිතා කිරීම, නීතිය නැමීම වැනි ක්‍රියා කලාපයන් තුළින් සිදුකළ හැකිය.

© සාරංගිකා වීරවංශ


Latest articles

Related articles