ආණ්ඩුව ඇවිත් මාස හයක් යනවිට එක පෑන් පහරින් විසඳනවා යැයි කියූ පොහොමයක් ගැටලු තවමත් එක තැන පල්වීම කණගාටුවට කරුණකි. එසේම ජනතාව විසින් විශ්වාසය තැබූ බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා දීම පිළිබඳව මේ මොහොතේ ජනතාවටත් ඇත්තේ කනස්සල්ලයකි. මාස හයක් ගතවන විට ලුණුත් නැති ආණ්ඩුවක් පවත්වාගෙන යාම සහ මේ වන විට ආණ්ඩුව විසින් ගෙනයන දැවැන්ත සීනි වංචාව පිළිබඳව ජනතාව දැනුවත් විය යුතුය.
පැලවත්ත හා සෙවනගල සමාගම් වලින් නිෂ්පාදිත සීනි මෙට්‍රික් ටොන් 1500 සදහා22.05.2025 උදේ ටෙන්ඩර් කැඳවා සවස එම ටෙන්ඩරය නිමා කර ඇත.අනතුරුව ඔවුනට අවශ්‍ය ටෙන්ඩර්කරු පැමිණෙන තෙක් නැවත ටෙන්ඩරය 23.05.2025 මධ්‍යම රාත්‍රිය වනතුරු නැවත විවෘත කර ඇත.
ආණ්ඩුවේ හෙංචයන් සහ බලයලත් නිලධාරීන් විසින් සිදුකරමින් යන මෙම දැවැන්ත වංචාව සඳහා සමස්ත අනුර ජනාධිපති ප්‍රමුඛ සියලුම දෙනා වගකිවයුතුයි. හොරු අල්ලන මුවාවෙන් ජනතාව හැකිතාක් අන්දවා ඒ තුළින් ගසා කෑම ආරම්භ කරන්නේ ඔවුන්ගේ පෙර පුරුදු පරිදිය.
සැබවින්ම මාලිමාවට ඇත්තේ පික් පොකට් න්‍යාය බව දැන් අපට වැටහේ.
මේ මොහොතේ ආණ්ඩුවේ කයියනායකයින් හමුවේ පැල්වත්ත, සෙවනගල, හිගුරාන සමාගම්වල හෙට දවස අවිනිශ්චිත වී ඇත. පැල්වත්තේ විකුණාගත නොහැකිව බැරිව සීනි මෙට්‍රික් ටොන් 17000ක් ගොඩ ගසා ඇත. ආනයනික සීනි සදහා රජය බදු සහන දෙද්දී දේශිය සීනි සදහා දරන්න බැරි වැට් බද්දක් අය කිරීම මෙහි හේතුව බව පාලන අධිකාරිය පවසයි. සමාගම වෙළෙන්දන්ට සීනි විකුනන්නේ කිලෝවකින් රැ 50ක් පාඩුපිටය.එතනොල් අලෙවියෙන් වියදමවත් පියවගන්න අපහසු බව සේවකයෝ කියති.
ඔවුන් ගැටලු ඉදිරිපත් කළ විට මාස 03න් ප්‍රශ්නය විසදන බව විෂය භාර අමාත්‍යවරයා පවසා තිබෙනවා. මාස 03 දැන් හමාරය. රාජ්‍ය සීනි සමාගම් 03 යැපෙන පවුල් ප්‍රමාණය පවුල් 35000කි.
මාලිමා ආණ්ඩුව හොරා හොරා කියමින් හංවඩු ගැසූ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩු සමයේදී එවකට සීනි සමාගම මෙහෙය වූ නිලධරයින් විසින් එකල ලංකා සීනි සමාගම වසර 35ක් තුල ලැබූ විශාලම ලාභය ලැබුවේය.තවද වසර 5 ක සේවා කාලය සම්පූර්ණ කළ සියලු අනියම් සහ කොන්ත්‍රාත් සේවකයින් 2000කට වැඩි ප්‍රමාණයකට ස්ථිර පත්වීම් ලබා දී සියලු සේවකයින්ට ලැබීමට තිබූ සියලු උසස්වීම්ද ලබා දීමට සීනි සමාගම සමත් විය. ගොවීන්ගෙන් ලබා ගන්නා උක් මෙ.ටො එකක් සදහා ගැනුම් මිල 10%කින් ඉහල නැංවීමත්, ලංකා සීනි සමාගම විසින් පැල්වත්ත ප්‍රදේශයේ අලුතෙන් හෙක්ටයාර 2500ක් සහ සෙවනගල ප්‍රදේශයේ අලුතෙන් හෙ.500ක් වගා කිරීම හේතුවෙන් සෘජු හා වක්‍ර රැකියා දහසකට වැඩි ප්‍රමානයක් ලබා දීමටද හැකි වූයේ එවකට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවේ පැවති නිවැරදි සැලසුම් නිසාය.හොර බොරු නැති නිසාය.
වර්තමාන ආණ්ඩුව මේ සීනි මාෆියාම මහා පරිමාණයෙන් සිදු කරන්නේ ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරයේ හෙංචයන් සඳහා දොළ පිදේනි ලබාදීමටය. දැන් ඔවුන් මේ පෙන්වමින් සිටින්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ නොහැකියාව නොවේද?