නිලන්ති කොට්ටහච්චි කොටහළු වූ වගයි!

කුඩා දරුවන් බහ තෝරන කාලයේ නොතේරුම් කමට කියනවා බොහෝ දේවල් පසුකාලීනව ඔවුන් වැඩිහිටියන් වූ පසු මොන ගොංකංද ඒ කාලේ කළේ යැයි අප්‍රසන්න හැඟීමක් තම ආත්මභාෂණය තුළ ඇතිවේ. සමාජමය වශයෙන් අවබෝධයක් ඇති නායකත්වයක් දැරීමට සුදුසු පුද්ගලයෙක් වන්නේ නම් එවන් පුද්ගලයෙකුට අවම සාමාන්‍ය දැනීමවත් තිබිය යුතුයි. ජනාධිපතිවරණයේදී හැඟීම් මත පදනම් වූ ඡන්දයෙන් පත් වූ ජනාධිපතිවරයාගේ අනුගාමික ප්‍රජාව අමුම අමු පුස් වෙඩිල්ලක් බව දැන් මහජනතාවට අවබෝධ වෙමින් තිබේ. ඒ අතරින් හොඳම පුස්සක් බවට පත්වී තිබෙන්නේ නිලන්ති කොට්ටහච්චීය. සාමාන්‍ය ජනවහරේ පවතින සුප්‍රසිද්ධ වාක්‍යයක් මට ඇය දකින විට සිහිවේ. “රෙද්දේ දෙවුණු පසු ලබ්බට දැයි පුයර” මෙය ප්‍රියන්ත කොඩිප්පිලි විසින් මෑත කාලීනව ෆේස්බුක් සටහනක් තබා තිබූ කවි පදයකි.

සුචරිතවාදී සමාජයක් උදෙසා රැඩිකල් ඇප්රෝචය සමාජ සංවේදීය කාරණා මතින් පුහු මවාපෑම් මතින් ගෙනහැර දැක්වීමට ජෙප්පන් තරම් දක්ෂ උන් මිහිපිට නැත.

නාමල්ගේ උගන්ඩා සල්ලි පිළිබඳව ප්‍රසිද්ධ වේදිකාවේදී හඬ නැගූ නිලන්ති කොට්ටහච්චි තමා නාම යෝජනා ලැබුවායින් පසුව එය උගන්ඩාවේ සමාගමක් විසින් ඇනවුමක් පදනම්ව මුද්‍රණය කරන ලද මුදල් පිළිබඳ හෙළි කිරීමක් විනා එය නාමල් රාජපක්ෂගේ මුදල් බව සඳහන් නොකළා යැයි ප්‍රකාශයක් නිකුත් කර තිබේ. ඉතින් නිලන්තිට දැන් කොහොමද දැනෙන්නේ? මේ අතර වාරයේදී නාමල් රාජපක්ෂ විසින් සෘජුව වත්මන් ජනාධිපතිවරයාට අභියෝග කරමින් කියා සිටියේ උගන්ඩාවේ සල්ලි ඇත්නම් ගෙන්වා පෙන්වන ලෙසයි. කරකියා ගත නොහැකිව මා ඉහත සඳහන් කළ කුඩා කල නොතේරුම්කමට කියූ දේවල් වල ගොංකං දැන් නිලන්තිලාට අවබෝධ වනු ඇත. 

ජර්මනියේ ප්‍රසිද්ධ දාර්ශනිකයකු වන නීට්ෂේ විසින් හඳුන්වා දී ඇති ශුන්‍යවාදී සංකල්පයේ මුල් බැසගත් අනුර කුමාරලාගේ කණ්ඩායම සැබවින්ම මිහිපිට අර්ථයක් නොදකින නිකමුන් බවට පත්වී ඇත. ශුන්‍යවාදය යනු මිනිසුන්ට ජීවිතයේ අරමුණ සහ ඉලක්කය නොමැති විටදී දැනෙන අත්දැකීමයි. මෙයට හේතුව මිනිසුන් ඔවුන්ගේ වටිනාකම් අවබෝධ කර නොගැනීමයි. අර්ථයක් නොමැතිකමේ අත්දැකීම නිසා පුද්ගලයෙකුට ශුන්‍යතාවයක් අත්විඳීමට මඟ පාදයි. ශුන්‍යවාදය මානව වටිනාකම් පදනම් විරහිත බව, ජීවිතය අර්ථ විරහිත බව පවසයි. ශුන්‍යවාදීන්ට අනුව ජීවය ආවේනික වටිනාකමක්, අර්ථයක් හෝ අරමුණක් නොමැතිව පවතී. ශුන්‍යවාදය මිනිසුන්, වස්තූන් සහ ජීවිතය කෙරෙහි සමාජය තබන වටිනාකම සහ අර්ථය ප්‍රතික්‍ෂේප කරයි.

ජනාධිපතිවරයා ඇතුළු කණ්ඩායම මේ වන විට සිටින්නේ නීට්ෂේ පෙන්වා දුන් වස්තූන් සහ ජීවිතය කෙරෙහි සමාජය තබන වටිනාකම්වල අර්ථය ප්‍රතික්ෂේප කරන නිරුත්තර ජීවිතවලය. 

අවසානයේ මට කියන්නට ඇත්තේ මෙයයි. 

දයාබර නිලන්ති,

” බොරුවක් උනත් කියනකොට හෙමින් කියපන්. පස්සේ කාලක ඇත්ත කුලප්පු වෙන්න පුළුවන්” 

– සාරංගිකා වීරවංශ- 

Latest articles

Related articles