මේ වෙලාවේ අනුර සහෝදරයගේ කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට තමන් බලයට පත්වීමට පෙර සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් බිම් මට්ටමේ දේශපාලන තත්ත්වයන් හමුවේ උත්තර නිරුත්තර වී ඇති හැඩයි. උගන්ඩාවේ සල්ලි ගැන මෑතක නිලන්තිගේ ප්‍රකාශය නැවත ඉරේස් කිරීමත්, මේ අතරේ පවුල් වාදය ගැන උදම් ඇනූ, පවුල්වාදයට දැඩි සේ එරෙහි වූ චතුරංගලාගේ දේශපාලනික වටපිටාව සහ දේශපාලනික ප්‍රතිපත්ති පිළිබඳව දැන් ජනතාව දෙවරක් සිතිය යුතුයි. තමන්ගේ ජීවිතේ හරි හමන් ප්‍රතිපත්තියක් නැති මිනිහෙකුට රටක ප්‍රතිපත්ති ගැන කවර කතාද. තමන්ගේ පියාත් මහ මැතිවරණයට තරග කරන බව එළිපිටම තියෙද්දී චතුරංග සහෝදරයාගේ දත්ත ගබඩාවට වයිරස් ගිහින් ඇති බව දැන් අපට වැටහේ. පවුල් දේශපාලනය නැති කරන්නට උත්සාහ දරන්නේ චතුරංගලාගේ තවත් පවුලක් විසිනි.
චතුරංග පිළිබඳව ජනප්‍රිය කාරණයක් මට සිහියට නැගේ. එනම් මේ රටේ කුඩා දරුවන්ගේ දෙමාපියන් පිටරට දුක් විඳිනවා යැයි කියමින් වැඩසටහනක කිඹුල් කඳුළු හෙලීමේ සිද්ධියයි. මෙරට ජනතාව දේශපාලන නාඩගම් ඇති තරම් දැක ඇත. චතුරංගලා උත්සාහ කළේ රටේ මිනිසුන්ගේ සංවේදීම කාරණා හමුවේ තමන්ගේ මඩිය තර කර ගැනීම නොවේද?. ඒ තරම් රට ගැන කැක්කුමක්, ඒ තරම් ජනතාව ගැන කැක්කුමක් තිබේ නම් රට තුළම රට සංවර්ධනය කරනවා විනා, “ණය ගත්තේ නැත්තං අපිට ජාත්‍යන්තර සබඳතා නැති වෙයි කියලා මිනිස්සු කතන්දර හදයි” යනුවෙන් පදනම් විරහිත ප්‍රකාශ කරමින් ජනාධිපති සහෝදරයා කරන ඕනෑම ක්‍රියාවක් එහෙයි කියන රටේ මිනිසුන් තව තවත් අමාරුවට පත්වෙනවා යැයි දැන දැනත් ඒවා වසන්නට උත්සාහ කරන ආත්මාර්ථකාමී ලෙස හැසිරීම කෙතරම් තුච්චද? කෙතරම් නීචද?.
මේ සියල්ල හමුවේ තවත් එක් විහිළු කාරණාවක් මතු වී ඇත. අවුරුදු හැත්තෑව පැන්නට පස්සේ සීය කෙනෙක්. එහෙම කෙනෙක්ට ගෙදර යතුරවත් දෙන්නෙ නෑ කියමින් පාර්ලිමේන්තු දෙවනත් කළ අනුර සහෝදරයාගේ කණ්ඩායමේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මාලිමාවෙන් තරඟ වදින ගලප්පත්ති සහෝදරයාගේ වයසත් අවුරුදු හැත්තෑවක් වීම වසරේ විහිළුව බවට පත්වේ. කර්මය හරි අපූරුය බූමරංගයක් සේ කැරකී නැවත එන්නේය. අනුරාලාගේ පදනම් විරහිත ප්‍රකාශවල බලපතලභාවය දැන් මතු වී ඇත.මෙතනින් එහා අනුර සහෝදරයාගේ කටින් පිටවෙන, චතුරංගලා වැනි සහෝදරවරුන්ගේ කටින් පිටවන වචන පිළිබඳව ජනතාව දැඩිව අවධානය දිය යුතුය.
– සාරංගිකා වීරවංශ-