රන්ජන් හසුවූ ව්‍යවසාය ගැටය…

මෙරට දේශපාලන ඉතිහාසයේ විජය කුමාරතුංගගෙන් පසුව  තම දේශපාලන ගමන් මග වීරෝධාර ලෙස ඇරඹූ රංජන් රාමනායක උන් ඔක්කොම යාළුවෝ මල්ලියි කියාගනිමින් දූෂිත දේශපාලනය තුරන් කිරීමට ඉදිරියට ආවේ මෑතකදීය.
රන්ජන් විසින් ඉදිරිපත් කළ සියලු කරුණු සත්‍යවාදී නම් රන්ජන්ට සිරබත් කන්නට සිදුවූයේ ඇයි? ලංකාවේ දේශපාලනය හරි අමුතු එකකි. ගෝඨාභය රාජ්‍ය  සමයේ රන්ජන්ට තමන්ට ඕනෑ අයුරින් පාර්ලිමේන්තුවේ හඬ නගන්නට ඉඩ තිබිණි.

අලිරාජා සුභාෂ්කරන්ගේ මුදලට යටවූ රංජන්ට තමන්ගේ දේශපාලන ගමනත්, වෘත්තීය නළුකමත් දෙකම එකවර අහිමි වූයේ ඛේදනීය ලෙසයි. මෙරට මාධ්‍ය හිමිකරුවන් ව්‍යාපාරිකයින් ලෙස තම මුදල් යට කරමින් දේශපාලුවන් බිලි ගන්නේ අමුතු සිස්ටම් එකකටය. රන්ජන්ගේ පක්ෂය ලත් තැනම ලොප් කරමින් රන්ජන්ගේ දේශපාලන ගමන අවසානය තෙක් ළඟා වෙමින් තිබේ. අලි රාජා මෙම උපායමාර්ගය යොදවන්නේ කිනම් හෝ අදෘශමාන දේශපාලන හස්තයකින් අලිරාජාවද මෙහෙයවන නිසාය. රන්ජන් කට ඇරියොත් සමස්තයෙන් අඩකට වඩා අමාරුවේ වැටෙන බව අනුරත්, රනිලුත් දනිති.

මේ අතර කදිම කතාන්දරය වන්නේ “අල්ලන කොට කෙඳිරි ගාන්න එපායැයි කියූ අනුර කුමාරගේ වදන හකුලා ගැනීමට සිදුවීමයි. අධිකරණය විසින් චෝදනා කරමින් සිරභාරයට ගැනුණු ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප ලැබෙන්නේ අනුරගේ කයිවාරුවට වඩා නීතිය බලවත් නිසාය. පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ට නිකරුණේ චෝදනා කළ නමුත් මේ මහ පොළොවේ මිනිසුන්ට දුකකදී කරදරයකදී ඔවුන්ගේ දුක කරගසන්නට සිටියේ ගමේ පොහොට්ටුවේ එකාය. එය ගම්මුන් දන්නා බව පසුගිය ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයෙන් ඔප්පු වී හමාරය.
ව්‍යාපාරයකින් මුදල් උපයා ගත් පසු ඕනෑම කෙහෙල් මලක් කළ හැකි යැයි සිතන මෙරට දැවැන්ත මාධ්‍ය හිමිකරුවන් මීළඟට හොයන්නේ බලයයි. අලි රාජාත්  දිලිත් අතරත් පවතින්නේ එවැනි සමානකමකි. එක් පැත්තකින් රන්ජන් ඉදිරියට ගෙන ඒමට අලිරාජා සූදානම් වන අතරේ අනෙක් පැත්තෙන් දිලීට් සූදානම් වූයේ උදය ගම්මන්පිල ලවා කොස් ඇට එකින් එක බාවා ගැනීමයි. නමුත් උදය නැමැති බලලා වියපත් වූ බලනෙකි. වියපත් වූ බලලන්ට පරණ තියරිය මීයන් ඇල්ලීමට යොදාගත නොහැකිය. එම නිසා ඒ උපාය මාර්ගයත් ෆේල් ය.

මේ මොහොතේ දේශපාලනිකව දැවැන්ත තරගයක් පැවතුන නමුත් යථාර්ථවාදය තුළ මෙරටට දැනෙන්නට දෙයක් සිදුකළ පොහොට්ටුවේ අපේක්ෂකයන් කෙරෙහි ජනතාව දරන මතය සුභවාදී වී ඇත. කියන්නට කෙනෙකුට බොහෝ දේ ඇති නමුත් ඒවා ක්‍රියාත්මක කිරීම පහසු නැති බව දැන් ජනතාව දනිති.

– සාරංගිකා වීරවංශ –

Latest articles

Related articles