හැඟීම් මූලික කරගත් ජනාධිපතිවරණයක් පසුකරමින් දෙපෝයක් ගෙවන මොහොතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව
බෙන්තර – ඇල්පිටිය ලියාපදිංචි චන්ද – 92167
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ලියාපදිංචි චන්ද – 55643
ජනාධිපතිවරණයෙදි ප්‍රකාශිත චන්ද සංඛ්‍යාව 79.64% කි
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙදි ප්‍රකාශිත චන්ද 63.82 කි.
මේ අතරින් පෙනුමට මාලිමාව දිනූ බවක් දක්නට ලැබුණත් සැබවින්ම ගමේ මිනිසාගේ දුක හඳුනන ගමේ මිනිහා සමග එකට ජීවත් වූ පිරිස මාලිමාවේ නැති බව පැහැදිලිය. අදටත් මහපොළොවේ ජීවත්වන මිනිසාගේ බර හඳුනන්නේ පොහොට්ටුවයි. අනුර කුමාර වටා ආකර්ෂණය වූ සමස්ත 43% ගමේ ඡන්දයේ නැති බව මාලිමාව තේරුම් ගත යුතුයි.
ගමේ මිනිහාට එදා සිටම මාලි මාව සිදු කළේ කෙනෙහිලිකම් ය. ලන්ඩනයේ ඉගෙනගත් අගමැතිවරිය ගමේ මිනිහාගේ දුක හඳුනන්නේ නැත. එවැන්නන්ට ආවඩන මාලිමාවේ අනෙක් පාර්ශවීයන්ද ගමේ මිනිහාගේ දුක හඳුනන්නේ නැත.
අතීතයේ මාලිමාව සමඟ එසේත් නැතිනම් අප කටවහරට කියනා ජේවීපී කණ්ඩායම සමග ගමේ මිනිසාට ඇත්තේ අඳුරු මතකයකි. ගමේ උගත් බුද්ධිමත් තරුණයාට ජේවීපී කණ්ඩායම් නිසා අතීතයේ හිමිවූයේ මරණයයි. ඔවුන්ගේ පන්ති පහ ක්‍රමය අනුව සමාජයේ කිසිවෙකුටත් ඔවුන්ගේ වචනයට පිටින් යා නොහැකිය. විශේෂයෙන් ගමේ එකාට එතනින් එහා ලෝකයක් දැකීමට අවස්ථාවක් තිබුණේද නැත.
ගේ යටවෙන්න වතුර දමන විට බත් පාර්සලයක් හෝ දිගු කරන්නට ගමේ මිනිහාගේ වගාවට හානි වන විට ඔවුන් සමඟ සෑම මොහොතකම දුක බෙදා ගත්තේ පොහොට්ටුවේ ගමෙන් ආ අපේ එකාලාය. එවැනි මොහොතක ගමේ මිනිහාට මුල අමතක වූයේ නැත. 2.50 % ලෙස හංවඩු ගැසූ පොහොට්ටුව අද වන විට ගමේ මිනිහගේ හදවතේ ඉහළම තැන සිටින බවට 10% ක ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිඵලයෙන් පෙන්වා දී හමාරය.
මේ අනුව තවත් එක් නිගමනයක් තිබේ . එනම් 43% අනුර කුමාර වටා පමණක් එතුණු ඡන්ද මාලිමාවේ සමස්තයට හිමි නොවන බවයි. එයින් පැහැදිලි වන්නේ පක්ෂයක් ලෙස මාලිමාව අසාර්ථක බවයි. ජනතාවගේ හිත දිනා ගැනීමට නම් ඔවුන් සමග වැඩ කළ යුතුය. කයිය ගැසීම සහ වැඩ කිරීම අතර ඇත්තේ අහසට පොළොව හා සමාන දැවැන්ත වෙනසකි. ජනාධිපතිවරණයේ සංසන්දනාත්මක ප්‍රතිඵලය අනුව මාලිමාව තවමත් ග්‍රාමීයව සිටින්නේ 3% බව මතක තබාගත යුතුයි.



