පොලිසියේ පිහිටෙන් මර්දනය අරඹන අනුරගේ ආණ්ඩුව!

ආණ්ඩුවක් විසින් ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකිරීම හොඳය. නමුත් ඒ ලබා දුන්නු පොරොන්දු අතරේ ඉඳහිට ජනතාව සප්‍රයිස් කිරීමටද ආණ්ඩුව අමතක නොකරන බව දැන් අපට පෙනී යයි. මේ මාසයේ සති දෙකක් තුළ මර්ධනකාරී තත්ත්වයන් පිළිබඳව ආණ්ඩුවේ රෙකෝඩ් තැබීම ආරම්භ වී ඇත. මීට සති කිහිපයකට පෙර සමාජ මාධ්‍යය තුළ තමා හඬ අවදි කිරීම නිසා අත්අඩංගුවට ගත් කැලුම්ටත්, පසුගියදා තම නිවස අසල සිල්ලර කඩයට යාමේදී පොලිසියේ යැයි කියාගත් සිවිල් පිරිසක් විසින් අතුරුගිරිය පොලිසිය වෙත ජාතික හැඳුනුම්පත නොමැති නිසා රැගෙන ගිය කසුන් මහේන්ද්‍ර හීනටිගලටත් සිදු වී තිබෙන්නේ පොලිසිය තුළින් මේවන විට ආණ්ඩුව ගෙනයන මර්දනකාරී තත්ත්වයට හසුවීමටයි.

ඔබට මතක ඇති ජේ.ආර් ජයවර්ධනගේ ආණ්ඩු කාලයේදී පොලිසියේ යැයි කියමින් නිවෙස් වලට කඩා පැන කලාකරුවන් වෙඩි තබා ඝාතනය කළ ජවිපී අතීතයය තුළ සිදුවූ මර්දනය. 2025 ට එහි මොඩර්න් වර්ෂන් එකක් දැක ගත හැකි වීම මෙරට අනුරලා වෙනුවෙන් ඡන්දය භාවිතා කළ සියලු දෙනා පුදුමයට පත්විය යුතු කාරණයක් නොවන බව මම විශ්වාස කරමි. ඒ අතීතය හොඳ නැති එකෙකුට අනාගතය බාර දීම කෙතරම් බරපතල දැයි දැන දැනත් ජනතාවගේ පරමාධිපත්‍යය ඒ වෙනුවෙන් භාවිතා වුණ නිසාය.
මේ මර්දනයට සමගාමීව ආරම්භ කර ඇති clean sri Lanka වැඩසටහනේදී දූෂණය සහ වංචාව තුරන් කරන බව ඔවුන්ම කියා සිටියා. නමුත් Clean කරන්නේ මරදනයෙන් ඔවුන්ටම ඡන්දය දී බලය ලබා දුන් ජනතාවම බව පැහැදිලිව කියා නැත. කතා අඩු, වැඩ වැඩි අනුරලා වැඩ පෙන්නන්නේ දැන් එහෙමය. මර්දනයේ හොඳම හරිය උතුරෙන්ද දකුණෙන්ද ආරම්භ කළේ පුනරුදය හොඳටම කරන බව අගවමිනි.

ඇත්තෙන්ම මේ උදා වී ඇති පුනරුදය අසූ අට අසූ නමය, 2025ට ළඟා කරන ත්‍රාඩ පොලීසියත්, ජක්සන් පොරක්දැයි අසන වර්ගයේ පොලිස් ස්ථානාධිපතිවරුන්ද හොඳින් සුද්ද කර පුටුවල ඉන්දවීමත් පෙරටු කරගත් සුපිරි පුනරුදයකි.

– සාරංගිකා වීරවංශ –

Latest articles

Related articles