තාක්ෂණය නිසා මේ වනවිට නිර්මාණකරණය ඉතා පහසුය. එසේම ජාතික ජන බලවේගයට අනුව අතේ පැලවෙන බොරු කීමද ඉතාම පහසුය. උගන්වා කුමරියගේ නවතම ගීතය මේ වන විට සමාජ මාධ්‍යයේ සැරිසරමින් පවතී. ඔබට රසවිඳීමට මා එහි එක් සබඳියත් මෙම ලිපිය සමග අමුණමි.
https://www.facebook.com/share/v/ifWJAebsRQ4aip8u/
ජනාධිපති සහෝදරයා විසින් තම කණ්ඩායම සමඟ මැනවින් රට හොඳටම කරන බව දැන් අපට පෙනී යයි. යන්තම් පොල් සම්බෝලයකට කටට රහට කන්නට තිබූ උම්බලකඩ කෑල්ලටත් සුපිරි බද්දක් ජනාධිපති සහෝදරයා විසින් ගසා තිබේ. බිත්තරේටද වෙච්චි දෙයක් නැත. බිත්තරේ බද්දට කුමක් වූයේදැයි අසන විට මට මතක් වන්නේ බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේගේ ප්‍රසිද්ධ ජවනිකාවකි. එතකොට බිත්තරේට මොකද උනේ? ඒක තමයි මේක යනුවෙන් එම ජවනිකාව මේ වන විට රඟදක්වන්නේ අනුර සහෝදරයා ඇතුළු කණ්ඩායමයි. මේ අතරේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයක් වන සජබයෙන් අපූරු තර්කයක් ගෙන එමින් පවතී. එනම් මේ වන විට පවතින රාජ්‍ය අස්ථාවරත්වයට බලපාන ප්‍රධාන කරුණු කිහිපයකි. රාජ්‍ය අසීමිත ණය ගැනීමෙන් ණය ගෙවීමේ අපහසුතාවයත්, අයවැය අතර පවතින අසමතුලිත බවත්, දේශීය ආර්ථික අවපාතයත් නිසා අනුරාලාගේ කෙරුවාවල් අවුල් වී ගොසිනි.වැඩි කල් දුවන්නට පෙට්‍රල් මදි වාහන දැන් දැන් අනුරලාගේ දෙසින් පෙන්නුම් කරයි.එක් පැත්තකින් ගම්මන්පිල අනුරලාගේ ලේ නහර බිය වද්දමින් සිටි. එනම් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශයක් අද හෙටම නිකුත් කරන බවයි. මේ පිළිබඳව අවධානය දී ගම්මන්පිලට ප්‍රථම මෙහි ඇත්ත නැත්ත හෙළි කරගත යුත්තේ අනුර සහෝදරයා නොවේද? එසේ නොකරන්නේ මේ ප්‍රහාරය පිටුපස ජාතික ජනබලවේගයේ හස්තයක් ක්‍රියාත්මක වූ නිසාද?
සාරංගිකා වීරවංශ-