ගම්මන්පිළ සර්පයා…

ගම්මන්පිළලාගේ දේශපාලනයේ අතීතයේ සිටම තිබුණේ කට උල් කරමින් කියනා ජාතිවාදී කුලවාදී ඇබ්බැහියන් ය.
මේ වෙනකොට ගම්මන්පිල එහෙන් මෙහෙන් වැටුණු කජු කෑලි අහුලා තනා ගත් සර්වජන බලයේ නිත්‍ය සමාජිකත්වය ගෙන තිබේ.

දැන් ගම්මන්පිල තටමන්නේ කෙසේ හෝ ජාතික අවධානය දිනා ගැනීමටය.  එහිදී පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය පවුල්වලට හෙන ගැහුවත් ඔහුට කමක් නැත. ” ඇත්ත තියෙනව මේ ෆයිල් එකේ..දෙන්නෑ” කියනමින් ගම්මන්පිල මේ කරන්නේ අහිංසක මිනිසුන්ගේ හැඟීම් සමඟ සෙල්ලම් කිරීම නොවේද?

එදා සිටම ආගමික කල්ලිවාදය අවුලවමින් ගම්මන්පිලලා ජාතික පිළිල බවට පත් වූ අයයි. එවැන්නෙක්  තමන්ගේ ඔඩොක්කුවේ තබාගෙන හුරතල් කරන්නට දිලිත් ජයවීර දෙපාරක් සිතිය යුතුයි. ගම්මන්පිල සර්පයා මීට පෙර අවස්ථා කිහිපයකදීම තමන්ට කිරි පෙවූ හාම්පුතුන්ට දෂ්ට කර තිබෙන බව දිලීත් දැනගත යුතුය. එවැන්නෙකුගෙන් නැවත දෂ්ට කිරීමක් විනා සැපයක් බලාපොරොත්තු විය නොහැක.
ගම්මන්පිල හේත්තු වූ බොහෝ තැන් හැඳි ගෑවි ගියේ ඔහුගේ කට නිසා බව රට්ටු දනිති. මෙවර මහමැතිවරණයේ ගම්මන්පිලගේ ප්‍රචාරණ කටයුතු පවා තම පිළේ අයට නොදීමට ගම්මන්පිල උද්දච්ච වී ඇත.

මේ වනවිට තවත් වාමවාදී ජාතිකත්ව කඳවුරක් තනන්ට ගම්මන්පිල දිලීත්ට උදව් වේ. පාස්කු ප්‍රහාරයේ වාර්තාවල සත්‍ය හෝදා හෝදා පෙන්වීම තුළින් ඔවුන් උත්සහ කරන්නේ මැතිවරණ තුරුම්පු ඇදීමක් ය. පාස්කු ප්‍රහාරයේ ස්ට්‍රැටජීයේ මහ මොළකරු එක්කෝ ගම්මන්පිල විය හැකිය. අනෙක් අයට නොදුන් වාර්තා ඔහු සතුව ඇත්තේ ඒ නිසාය. එසේ බලන කළ මෙය ලෝන්ග් ටර්ම් ප්ලෑනකි.  දිලිත් මේ ළං කරගෙන සිටින්නේ ජාතික අපරාධකරුවෙකි.

– සාරංගිකා වීරවංශ-

Latest articles

Related articles