සහෝදරයාගෙන් කිරි බී වැඩුණු කුඩා අනුකුඩා නයි පැටවුන් ක්‍රමානුකූලව ජනතා නියෝජනයට දෂ්ඨ කරමින් සිටියි. මේ වන විට රාජ්‍ය නායකයාගේ භූමිකාව හොඳටම කරමින් සිටින අනුර කුමාර ප්‍රමඛ කණ්ඩායම බොහොමයක් අවස්ථාවන්හිදී කාලෝචිත ක්‍රියාවන්වලට වඩා දිනූ ඡන්දය රැක ගැනීම සහ ගැටලුවලට පස් දමා වසා දැමීම නිසා අවශ්‍යතාවය මත බෝල පාස් ක්‍රීඩාවේ නිරත වෙයි.
රාජ්‍ය තාන්ත්‍රික නියෝජනයක් අවශ්‍ය පොදු රාජ්‍ය මණ්ඩල සමුළුව සඳහා ජනාධිපති සහෝදරයා හෝ අගමැති සහෝදරිය සහභාගී නොවී ඔවුන්ගේ මැතිවරණ වේදිකාවල ගී ගැයූ නදීක ගුරුගේගේ බිරිඳ යවනු ලැබුවේ කිනම් අරමුණකින්ද යන්න ගැටලුවකි.
බහු පක්ෂ ක්‍රමය වෙනුවට ඒක පක්ෂ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කැමැති යැයි පැවසූ ජනපතිට දැන් පත්තු වන්නේ වෙනම ගින්දරකි . එනම් බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය රකින ජනතා හිතවාදී දේශපාලන ව්‍යාපාරවලට මේ බරපතල ප්‍රකාශය දරා ගත නොහැක. තමන්ගේ ඇජෙන්ඩාවන් දැන් දැන් ක්‍රියාත්මක කිරීමට අර අදින ජනාධිපති සහෝදරයාගේ අවසාන ජවනිකාව ජාති වාදය බව අප සැම මතක තබා ගත යුතුය.
– සාරංගිකා වීරවංශ-