රවී කරුණානායක යනු එක්සත් ජාතික පක්ෂයේ බල කණුවකි. පොහොට්ටුවේ එකා දෙන්නා ගලවමින් රනිල්ගේ සාක්කුවට දමා ගන්නා විට රවීලා හිටියේ වෙනම ආතල් එකකය. රනිල්ගේ කඳවුරෙන් නිවන් දකින්නට බලා සිටි තමන්ව ගොඩනැගූ ජාතික කඳවුරට පිටුපා ගිය උන්දෑලාට මේවා හොඳ පාඩම් ය. සතපහක්වත් වියදම් නොකර රවී පාර්ලිමේන්තු යැවීම් රනිල් නැවත ඉන්දවීමේ මීළඟ තුරුම්පුවයි. දැන් පවතින දරුණුම ගැටළුව වන්නේ ප්රතිවාදී පිල නියෝජනයට කාංචනට ලැබෙන ඉඩ ගැනය. බහුතරයක් දෙනා කාංචනගේ ආගමනය ප්රතිවාදි කථිකයෙකු ලෙස ප්රබල බලපෑමක් එල්ල කරන බව ආණ්ඩුව දනී. කාංචන මේ මොහොතේ සිට ගත යුත්තේ තමන් වෙනුවෙන් හඬ නගන තමන් කලක් පිටු පෑ පොහොට්ටුවේ සාමාජිකයන්ගේ පැත්තේය. කාංචන ඇසට් එකක් වන්නේ අන් කවර කඳවුරකටත් වඩා පොහොට්ටුවටය.
රනිල් වික්රමසිංහ පත් වූ කැබිනට් මණ්ඩලයට කියාසිටියේ L බෝඩ්කරුවන් කියාය. මෙරට රාජ්ය පාලනය තුළ පවතින සංකීර්ණභාවය පිළිබඳව මේ පත්ව ඇති ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් ප්රමුඛ කැබිනට් මණ්ඩලයට අවබෝධ වේදැයි සැකයක් පවතී. එසේම රටේ පවතින අර්බුදවල සුල මුල නොදැන ඒ පිළිබඳව තමාට හැකි බව උදම් ඇනීමට වඩා ක්රියාවෙන් ඔප්පු කිරීමට දැන් ඔවුන්ට කාලය එළැඹ තිබේ. එසේ නොවුනහොත් ගෝඨාභයගේ ආණ්ඩුව ගෙදර යවූූ ජනතාවම නැවත වතාවක් ඔවුනට විරුද්ධව නැගී සිටීමට දෙවරක් සිතන්නේ නැති බව තදින් මතක තබා ගතයුතුය. සැබැවින්ම ගෝඨාභයගේ ආණ්ඩුව තුළ සිදුවූයේ රාජ්ය මට්ටමින් කුමන්ත්රණකාරීව එවකට පැවැති ආණ්ඩු බලය බිඳ දැමීමයි. ඉතා සූක්ෂම සැලැස්මකින් මේ සියල්ල සිදු වූ බවත් ඒ සඳහා දායක වූණේ මෙරට ඒ උගුලට හසු වූවන් පමණක් නොව විදේශ රටවල ශ්රී ලාංකිකයන් දහසක් දෙනා බවත් ජනතාවට වැටහෙන්නට කලක් ගත වනු ඇත.
© සාරංගිකා වීරවංශ